නීති විරෝධී දුම්වැටි තොගයක් සමග කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොල රේගුව මගින් අත්අඩංගුවට ගත්තා.
දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට ආසන්න බවයි වාර්තා වන්නේ. ගමන් මළු පහක තිබී දුම්වැටි අසුරන එකසිය අනූහතක් සොයා ගැනීමට හැකිව තිබෙනවා. ඩුබායි සිට පැමිණි සැකකරුවන් ගුවන්තොටුපොළෙන් පිටව යාමට තැත් කිරීමේ දීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් නාත්තන්ඩිය සහ හෙට්ටිපොල ප්රදේශවල පදිංචිකරුවන්. දුම්වැටි තොගය රාජසන්තක කෙරුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්රියාත්මකයි.
Post a Comment