
ඉන්දුනීසියාවට ආධාර සැපයිමට ඇමරිකාව එකඟතාව පළකළා. ඉදිරි දින කිහිපය තුල මූල්‍ය සහ ද්‍රව්‍යමය ආධාර ඉන්දුනීසියාවට ලබාදෙන බවයි ඇමරිකාව පවසන්නේ. සුලවෙසි දිවයිනට බලපෑ සුනාමි තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 1400ක පමණ පිරිසක් මිය ගියා. විපතට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ආධාර අවශ්‍ය බවයි ඉන්දුනිසියාව සඳහන් කළේ.
ඒ අනූව රටවල් 16ක් ආධාර කිරිම සඳහා මේ වනවිටත් තීරණය කර තිබෙනවා. වියළි ආහාර සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු ආධාර නෞකාවක් ඉන්දුනීසියාවට හෙට ළඟාවන බවයි ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය සඳහන් කළේ.
Post a Comment