Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝකය පුරා කසල අර්බුදයක්  

Add comments

ප්‍රතිචක්‍රීකරණ කළ කසල ආනයනය නවතා දැමීමට චීනය මෙම වසරේ සිට තීරණය කිරීමත්  සමග ලෝකය පුරා කසල අර්බුදයක් හට ගෙන තිබෙනවා.

චීනය පසුගියදා ඝණ අපද්‍රව්‍ය වර්ග 24 ක් නවතා දැමීමත් සමගයි මෙම අර්බුදය හටගෙන ඇත්තේ. ජපානය, එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයකම මෙම අර්බුධකාරී තත්ත්වය හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. ජපානය පසුගිය වසරේදී ටොන් මිලියන 1.5 ක අපද්‍රව්‍ය චීනයට අපනයනය කළා. චීනය කසළ ආනයනය නවතා දැමීමත් සමග ජපානයේ කසළ අර්බුදය මෙලෙස වර්ධනය වී තිබෙනවා. ජපානය පවසන්නේ ප්ලාස්ටික් සහ පොලිතින් අපද්‍රව්‍ය බැහැර කිරීම සදහා කඩිනම් ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට  පියවර ගන්නා බවයි. චීනය පසුගිය වසර 25 ක කාලය තුළ ලෝකයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සියයට 45 ක් තම රටට ගෙන්වාගෙන ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය සිදු කළා. වියට්නාමය, මැලේසියාව සහ  තායිලන්තයද  කසල ප්‍රතිචක්‍රීකරණ චීන ආයතන  පිහිටුවීමට කටයුතු කළත් එයද අසාර්ථක වී ඇති බව සදහන්. ආසියානු රටවල් මේ වන විට මුහුණ පා ඇති කසල ගැටළුව ඇමෙරිකාවටද බලපෑම් එල්ල විය හැකි බව විචාරයකයින් පෙන්වා දෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG