ආපනශාලා ආහාර මිල ගණන් හෙට සිට අඩු කරන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය ප්රකාශ කළා. ඒ අනූව බත් පාර්සලයක සහ කොත්තුවක මිල හෙට සිට රුපියල් 10කින් අඩු කිරිමටයි සැළසුම වී තිබෙන්නේ.
තේ කෝප්පයක මිල රුපියල් 5කින් අඩු කරන බවයි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ.
බේකරි හිමියන්ගේ සංගමය ද තම නිෂ්පාදනවල මිල පහත හෙළිම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
Post a Comment