Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දුනීසියාවේ සොෆුටාන් ගිනි කන්ද සක්‍රීය වෙයි  

Add comments

ස්වභාවික ආපදාවලින් පීඩාවට පත්ව සිටින ඉන්දුනීසියාවට අද තවත් ස්වභාවික ආපදාවකින් බලපෑම් එල්ල වුණා. ඉන්දුනීසියාවේ සොෆුටාන් ගිනි කන්ද අද (03) උදෑසන සක්‍රීය වුණා. මෙම ගිනි කන්ද ඉන්දුනීසියාවේ සුලාවසී දූපතේයි පිහිටා තිබෙන්නේ. මෙම ගිනි කන්දෙන් මීටර් හාරදහසක් උසට දුමාරයක් පිටවන බව එරට වාර්තා සදහන් කරනවා. ගිනි කන්දෙන් කිලෝමීටර් හයයි දශම පහක් දුරින් සිටින ජනතාව ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගත්තා. තවද එරට බලධාරීන් පවසන්නේ එම දුමාරයෙන් ආරක්ෂාවීම සදහා සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

මේ වන විටත් බලධාරීන් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි සදහන් වන්නේ. පසුගියදා සුලාවසී දූපතට බලපෑ භූ කම්පනයෙන් ඇති වූ සුනාමි තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් එක්දහස් තුන්සියයකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වුණා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG