ජර්මනිය සෞදි ආරාබියට අවි ආයුද අලෙවි කිරීම අත්හිටුවා තිබෙනවා. මාධ්‍යවේදී ජමාල් කාෂෝගී ඝාතන සිද්ධියත් මත ඇති වූ තත්ත්වය මත මෙම තීරණය ගත් බව ජර්මන් චාන්සල්වරිය වන ඇන්ජලා මර්කල් පැවසුවා.
ජර්මනිය සඳහන් කරන්නේ යුරෝපා සංගමයට අයත් අනෙකුත් රටවල්ද මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතු බවයි. එමෙන්ම මෙම ඝාතන සිද්ධියත් සමග සෞදි අරාබිය සමග පවතින ආරක්ෂක ගනුදෙණු සීමා කිරීමේ අවධානමක් පවතින බව ද එරට අග්‍රාමාත්‍යවරයා පැවසුවා. ජමාල් කාෂෝගීගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රංශය, ජර්මනිය සහ බ්‍රිතාන්‍ය පරිපූර්ණ වාර්තාවක් සෞදි රජය ඉදිරිපත් කළ යුතු බවද පෙන්වා දෙනවා. මේ අතර මාධ්‍යවේදි ජමාල් කාෂෝගීගේ තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක් වීමේ සිද්ධියට සෞදි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට සෞදි රජය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Post a Comment