රේගුවට ලේඛන ඉදිරිපත් කිරිමකින් තොරව ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා භාණ්ඩ අපනයනයට අවසර හිමිවන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඉහල යන ඉල්ලුම සපුරාලීමට ව්‍යාපාරිකයාගේ සිට පාරිභෝගිකයා දක්වා ගණුදෙනු ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා සිදු කිරිමට පහසුකම් සැපයීමයි අරමුණ. ඊට අදාල ගැසට් නිවේදනය ද නිකුත් කර තිබෙනවා.
උපරිම වටිනාකම ඇමරිකා ඩොලර් තුන් දහසක් වන භාණ්ඩ මේ යටතේ අපනයනයට අවසර හිමිවන බවයි නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සදහන් කළේ. ආයෝජනය මණ්ඩලය යටතේ ලියාපදිංචි ව්‍යාපාර, ශ්‍රී‍්‍ර ලංකාවේ ලියාපදිංචි ව්‍යාපාර ආයතන හෝ අපනයනකරුවෙකු ලෙස ලියාපදිංචි වී ඇති පුද්ගලයෙකුට මෙම ක්‍රමය හරහා පහසුකම් සැලසෙනවා.
Post a Comment