Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෝටර් රථයක් ප්‍රපාථයකට පෙරලීමෙන් තුන් දෙනෙකුට තුවාල  

Add comments

බණ්ඩාරවෙල  දෙමෝදර ප්‍රදේශයේ දී මෝටර් රථයක් ප්‍රපාථයකට පෙරලීමෙන් පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලැබුවා. බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දෙමෝදර දහයේ කණුව ප්‍රදේශයේදීයි අනතුර සිදුව තිබෙන්නේ. මෝටර් රථය අඩි 200 ක් පමණ ප්‍රපාථයකට පෙරලී බදුලු ඔයට වැටී තිබෙනවා. ධාරාණිපාත වර්ෂාවත් සමඟ රථය පාලනය කරගත නොහැකිව එය මාර්ගයෙන් ඉවතට යාමත් සමඟයි ප්‍රපාථයට පෙරලී ඇත්තේ. රථයේ සිටි පුද්ගලයින් තුන්දෙනා තුවාල ලැබූ අතර ඔවුන් බදුල්ල රෝහල වෙත ඇතුළත්කර තිබෙනවා. ඔවුන් අතරින් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ. මෝටර් රථයට ද අලාභ හානි සිදුව තිබෙනවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG