Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක රූ රැජිණ සහ රෝසි සේනානායක අතර හමුවක්  

Add comments

2017 ලෝක රූ රැජිණ ඉන්දීය ජාතික මනූෂි චිලර් හා කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය අතර කොළඹදී හමුවක් පැවැත්වුණා.   ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සහ ළමා හා තරුණ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පූර්ණ දායකත්වය ලබාදෙන බවයි ලෝක රූ රැජිණ රෝසි සේනානායක මහත්මිය හමුවේ කියාසිටියේ. කාන්තාවක ලෙසින් නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය කොළඹ කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළද මෙහිදී ඇයගේ ඇගයීමට ලක්වුණා.

අනතුරුව ඇය නගරාධිපතිනියගේ ආරාධනාවකට අනුව මෝදර සමාජ සුබසාධන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා. 2016 ලෝක රූ රැජිණ කැරිබියන් දූපත්හි ස්ටෙෆානි සහ ලෝක රූ රැජිණ සංවිධානයේ ජූලියා මෝලි ද මෙම අවස්ථාවට සහභාගි වුණා. බොනවිස්ටා සුබසාධන මධ්‍යස්ථානයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ සුවදුක් විමසීමට ද ඔවුන් එහිදී කටයුතු කළා.

ලෝක විවාහක රූ රැජිණ ඇලිස් ලී ගැනේටා මහත්මිය ද රෝසි සේනානායක මහත්මිය හමුවුණා. ලෝක විවාහක රූ රැජිණ කිරුළ ලොව පළමුවරට දිනූ රෝසි සේනානායක මහත්මිය හමුවීම තමන් ලද භාග්‍යයක් බවයි එහිදී ඇය කියාසිටියේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG