සියඹලාණ්ඩුව පොලිස් බල ප්රදේශයේ හැඩඔය පාලම අසලදී ටී 56 වර්ගයේ ජීව පතරොම් තුන්දහසක් , එම් එම් නවය වර්ගයේ පතරොම් 32 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා.
පාතාල නායකයෙකු වන කොස්ගොඩ සුජිත්ගේ ගෝලයෙකු ලෙස සැලකෙන බන්ධනාගාරගතව සිටින ජයලත් සුද්දා නමැති අයෙකුගේ මෙහෙයවීම මතයි මෙම ජාවාරම සිදුකර ඇත්තේ. සියඹලාණ්ඩුවේ සිට ගාල්ල ප්රදේශයට පතරොම් රැගෙන යාමට සැලසුම් කර සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා. ජීව උණ්ඩ ප්රවාහනයට යොදාගත් කේ ඩී එච් වර්ගයේ සුඛෝපභෝගි වෑන් රථයක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකර තිබෙනවා. සැකකරුවන් හා උණ්ඩ සියඹලාණ්ඩුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බවයි සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්රියන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ.
Post a Comment