පලාලි ගුවන් තොටුපල සංවර්ධනය සඳහා ඉන්දිය දායකත්වය ලබා දෙන බව එරට ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා ප්‍රකාශ කළා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති ද්විපාර්ශ්වීය සාකච්ඡාවේදී.
දකුණු ඉන්දියාවේ සිට පලාලි සහ මඩකලපුව දක්වා ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමට ද සැළසුම් කර තිබෙනවා. ශ්‍රී‍්‍ර ලංකා පොලීසියේ ජංගම කාර්යයන් වඩාත් විධිමත් කිරීම සඳහා ජීප් රථ 750 ක් ද ලබා දෙන බවයි ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ. සාකච්ඡා නවදිල්ලි නුවර දී පැවැත්වුණා. ශ්‍රී‍්‍ර ලංකාවේ අපරාධ මර්දන කි‍්‍රයාවලිය විධිමත් කිරිම සඳහා ඉන්දියාව ලබා දෙන සහයෝගය අගය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදි ප්‍රකාශ කළා.
අපරාධ ප්‍රමාණය පසුගිය වසර දෙක තුළ සියයට තිහකින් අඩු කර ගැනීමට හැකිව තිබෙනවා. ලැබුණු පැමිණිලි වලින් සියයට අනුවකට විසඳුම් ලබාදී අවසන්. ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ක්ෂේත්රයේ සිදුවන තරග පාවාදීම් හා ඔට්ටු ඇල්ලීම් පිළිබඳ නීත්‍යානුකූලව කි‍්‍රයා කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. ඒ සඳහා ආරක්ෂණ ක්‍රමවේද හා තාක්ෂණය පිළිබඳ පුහුණුවක් ලබා දෙන ලෙසයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉල්ලා සිටියේ. ඊට ඉන්දිය ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ එකඟත්වය පළවුණා.
ශ්‍රී‍්‍ර ලංකා ආරක්ෂක අංශ නිලධාරින් සඳහා ඉන්දියාවේ පවත්වන පුහුණු පාඨමාලා සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සාර්ථක ඉන්දිය නිල සංචාරයේදි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි , විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් ඇතුළු ඉහල පෙළේ රාජ්‍ය තාන්ති‍්‍රකයින් සමඟ සාකච්ඡා සිදු කළා. සිය තුන් දින නිල සංචාරය අවසන් කරමින් අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඊයේ රාත්‍රී දිවයිනට ළඟා වුණා.
Post a Comment