Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පූනෑව නාවික හමුදා කඳවුර අසලින් අත්බෝම්බ දෙකක් සොයා ගැනේ  

Add comments

මැදවච්චිය පූනෑව නාවික හමුදා කඳවුර ආසන්නයේ පිහිටි බෝක්කුවක් තුළ තිබියදී අත්බෝම්බ 02 ක් සොයා ගෙන තිබෙනවා. නාවික හමුදා කඳවුරට මීටර් 300 ක් පමණ ආසන්න ජල නල පද්ධතියක් එලීමේ කටයුතු සිදු කරන සේවකයින් පිරිසකටයි මෙම අත්බෝම්බ හමුවී ඇත්තේ.

ඔවුන්ගේ දැනුම් දීමෙන් පසුව මැදවච්චිය පොලීසියෙන් අදාළ ස්ථානයට පැමිණ අත්බෝම්බ දෙක රැගෙන ගොස් අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායට ලබා දීමට පියවර ගත් බවයි වාර්තා වන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG