
සිරිලිය සවිය සංවිධානයට 2011 වර්ෂයේ ලබාදුන් තාජුඩීන් ඝාතන සිද්ධියට සම්බන්ධ බව කියන ඩිෆෙන්ඩර් රථය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය නම්කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම නියෝගය නිකුත් කළා. තාජුඩීන් ඝාතනය කිරීමට පෙර ඔහු පැහැරගැනීම සඳහා මෙම රථය භාවිත කර ඇති බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා. මෙම ජීප් රථයේ වර්ණය අවස්ථා දෙකක දී වෙනස්කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව කියාසිටින්නේ. සිරිලිය සවිය සංවිධානයට අයත් ඩබ්ලිව් පී කේ ඒ 0642 අංකය යටතේ ලියාපදිංචි කර ඇති මෙම වාහනය හෝමාගම ප්‍රදේශයේ තිබී පොලීසිය මීට පෙර සොයාගත්තා.
Post a Comment