Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මදුරුවන්ට උගුලක්  

Add comments

දිවයිනේ ප්‍රථම වතාවට මදුරු කීට උගුලක් හදුන්වාදීමට කොළඹ නගර සභාව කටයුතු කළා. රොටරි ජාත්‍යන්තර සංවිධානයේ මූලිකත්වයෙනුයි මදුරු කීට උගුල් භාවිත කිරීමේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කෙරෙන්නේ.

මදුරු කීට  උගුල් භාවිතය පරීක්ෂණාත්මකව ආරම්භ කිරීමේ උත්සවය පැවැත්වුණේ  නගරාධිපතිනී  රෝසි සේනානායක මහත්මියගේ සහ ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපති බර්නි රස්සින් මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාත්‍යන්තර රොටර් සාමාජිකයන් රැසක්ද ඊට එක්ව සිටියා.පසුගිය වසරේ කොළඹ නගරයෙන් පමණ ඩෙංගු රෝගීන් 5754 දෙනෙකු වාර්තා වුණා. ඉන් 12 දෙනකු මිය ගියා . අන්තර්මෝසම් වැසි වර්ධනය වීමත් සමග  ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාහැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා. ඒ අනුවයි ඩෙංගු මර්දනය සදහා නව ක්‍රම භාවිතයට මහනගර සභාව එළඹ තිබෙන්නේ.  ඩෙංගු ගැහැනු මදුරුවන්ට බිත්තර දැමීම සදහා ස්ථානයක් හදුන්වාදී එම බිත්තරවලින් පිටවන කීටයන් උගුලට හසුකර ඔවුන්ට පරිනත මදුරුවන් සේ බාහිර පරිසරයට පිටව යාමට නොහැකි වනසේ ආවණය කිරීම කීට උගුල් මගින් සිදු කෙරෙනවා. මෙහි නියමු ව්‍යාපෘතිය සදහා ග්‍රෑන්ඩ්පාස්හි නිව් බසාර් ප්‍රදේශය තෝරාගෙන තිබෙනවා.

රෝසි සේනානායක –  කොළඹ නගරාධිපතිනී,

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG