Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නජීබ් රසාක්ගේ බිරිඳ අත්අඩංගුවට  

Add comments

මැලේසියාවේ හිටපු  අගමැති නජීබ් රසාක්ගේ බිරිදවන රොස්මා මන්සූර් එරට දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුදල් විශුද්ධිකරණය , ත්‍රස්තවාදය සදහා මුදල් සම්පාදනය සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සදහා මුදල් ප්‍රතිපාදනය කිරීම ඇතුළු චෝදනා රැසක් ඇයට එල්ල වී තිබෙනවා. ක්වාලාලාම්පූර් අධිකරණයට ඊයේ කැදවීමෙන් අනතුරුව එරට දූෂණ  විමර්ශන කොමිසම මගින් ඇය අත්අඩංගුවට ගනු ලැබුවා. අද දිනයේදී හිටපු අගමැති නජීබ් රසාක් අධිකරණයට පෙනී සිටීමට නියමිතයි. ඔහුගෙන්ද මෙවැනිම චෝදනා 32 ක් යටතේ ප්‍රශ්න කිරීම් සිදු කෙරෙනවා. ඉන් ප්‍රධාන වන්නේ එරට රාජ්‍ය සංවර්ධන අරමුදලින් ඇමෙරිකා ඩොලර් මිලයන 700 ක මුදලක් තම පෞද්ගලික ගිණුමට හුවමාරු කර ගැනීමේ චෝදනාවයි.

 

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG