Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ජාතික ආර්ථික සභාව සාකච්ඡා කරයි  

Add comments

ජාතික ආර්ථික සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා.

වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබද විද්වතුන්ගේ අදහස් ලබා ගැනීම මෙහිදී සිදු කෙරුණා. ශ්‍රී ලංකාවේ අපනයන ක්‍ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සහ රුපියල අවප්‍රමාණය වීම වළක්වාගැනීම පීළිබදව මෙහිදී අවධානය යොමුවුණා. රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීමට මහබැංකුව ගෙන ඇති පියවර පිළිබදවද සාකච්ඡා කෙරුණා.ඊට බලපා ඇත්තේ බාහිර සාධක බවයි මෙහිදී පෙන්වා දුන්නේ.  එමෙන්ම ඉන්දියාව  ,පකිස්ථානය  , මැලේසියාව  , ඉන්දුනීසියාව ඇතුළු රටවල් රැසක්ද මෙම තත්ත්වයට මුහුණදී ඇති බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා. අපනයනය ප්‍රවර්ධනය කර ගැනීමට ලබාදිය හැකි ප්‍රතිලාභ සහ අවස්ථා පිළිබදව ජාතික ආර්ථික සභාව දැනුවත් කෙරුණා. බදු ප්‍රතිපත්තිය පිළිබද අවධානය යොමු කෙරුණා. මංගල සමරවීර, මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන්ද , ආචාර්ය හර්ෂ ද සිල්වා  , ඉරාන් වික්‍රමරත්න යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ද , රාජ්‍ය නිලධාරීන්ද මෙම අවස්ථාවට එක් වුණා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG