උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබෙනවා. සේවා දුම්රියක් පීලි පැනීම හේතුවෙන් පැය හයක පමණ කාලයක් එම මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නතර කර තිබුණා.
ඇල්ල දුම්රිය ස්තානයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දොඹකරයක් සහිත සේවා දුම්රියක් නානුඔය සහ රදැල්ල දුම්රිය ස්ථාන අතර දී පිලී පැනීමට ලක්වුණේ අද උදෑසනයි. මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු පැය හයකට ආසන්න කාලයක් ඇනහිට තිබුණා. දුම්රිය පීලිගත කිරීමෙන් පසුව උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
Post a Comment