Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මානව හිමිකම් සංවිධාන ජමාල් කෂෝගි ගැන පරීක්ෂණයක් ඉල්ලයි  

Add comments

ඝාතනයට ලක් වූ සෞදි ජනමාධ්‍යවේදී ජමාල් කෂෝගි සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පරික්‍ෂණයක් පැවැත්විය යුතු බව ලොව ප්‍රධානතම මානව හිමිකම් සංවිධාන සඳහන් කරනවා.

ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය, හියුමන් රයිස් වොච් ආයතනය, දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ සංවිධානය මෙන්ම ජනමාධ්‍යකරුවන් රැක ගැනීමේ කමිටුව ඇතුලු සංවිධාන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මෙම ඉල්ලීම සිදුකර තිබෙන බව සඳහන්. ඔවුන් පවසන්නේ තුර්කිය ඒ සඳහා යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට යොමු කළ යුතු බවයි. තුර්කියේ ස්තාන්බූල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී පසුගිය 2 වනදා කෂෝගි ඝාතනය වූ බවට විශ්වාස කෙරෙනවා.

ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් පෝස්ට් පුවත්පතේ තීරු ලිපි රචකයෙකු වන අතර සෞදි රජ පවුල දිගින් දිගටම විවේචනය කළ අයෙක්. මේ හේතුවෙන් සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුගේ දැඩි උදහසට ඔහු ලක්ව සිටියා. මේ අතර සෞදි රජය සඳහන් කර තිබුණේ කෂෝගි හා කොන්සල් කාර්යාලයේ සිටි නිලධාරීන් අතර ඇති වූ වචන හුවමාරුවකින් පසු සිදු වූ ගැටුමකදී මරණය සිදුවී ඇති බවයි. කෙසේ වෙතත් තුර්කි රජය අනාවරණය කරගෙන ඇති පරිදි සෞදි අරාබියේ සිට බුද්ධි නිලධාරීන් 15 දෙනෙකු ඔක්තෝබර් 2 වනදා ස්තාන්බූල් නුවරට පැමිණ එදිනම ආපසු පිටත්ව ගොස් තිබෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG