Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහජන බැංකුව සහ ලංකා බැංකුව වාර්තාගත ලෙස ලාභ ලබයි – අමාත්‍ය කිරිඇල්ල  

Add comments

මහජන බැංකුව සහ ලංකා බැංකුව වාර්තාගත ලෙස ලාභ ලබා ඇති බවත් පසුගිය වසර තුන තුළ කිසිදු දූෂණයක් සිදුව නොමැති බවත් පාර්ලිමේන්තුවේ සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

රාජ්‍ය බැංකු සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

පසුගිය ආණ්ඩුව කාලයේ රාජ්‍ය බැංකු අධ්‍යක්ෂ මණ්ඩලවලට පත් කර තිබුණේ කේන්ද්‍රකරුවන් බවද වත්මන් රජය මහ බැංකුවේ යෝග්‍ය පරීක්ෂණයකින් අනතුරුව නිලධාරීන් පත් කරන බවද අමාත්‍යවරයා පැවසී ය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG