නායයාමක් හේතුවෙන් ඇනහිට තිබූ නානු ඔය , ඩෙස්පොට් මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කෙරුණා.
පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ නානු ඔය , ඩෙස්පොට් මාර්ගයේ 118 වන සැතපුම් කණුව අසල සිදුවූ නායයාමෙන් මාර්ගයේ ධාවන කටයුතු මුළුමනින්ම ඇනහිටියා. ඒ හේතුවෙන් නුවරඑළිය , තලවාකැලේ , ඩයගම ආදී ප්‍රදේශවල ගමනාගමනයට බාධා එල්ල වුණා. මාර්ගයට වැටී තිබූ පස් ඉවත් කිරීමෙන් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කළා. කෙසේ වෙතත් වැසි සහිත කාලගුණය තවදුරටත් පවතින බැවින් හැටන් නුවරඑළිය , හැටන් කොළඹ මාර්ගවල නායයාමේ අවධානම තවදුරටත් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
Post a Comment