රුසියාව සමඟ පවතින න්‍යෂ්ටික අවි සම්මුතියෙන් ඉවත් වූ බව ඇමරිකාව ප්‍රකාශ කළා. ගිවිසුම උල්ලංඝනය කිරිම ඊට හේතුව බවයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ.
හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ සමයේ සිට රුසියාව සහ ඇමරිකාව අතර න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් එකඟත්වයක් පැවති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. එහෙත් අවස්ථා ගණනාවකදී රුසියාව ගිවිසුම උල්ලංඝනය කර ඇති බවද ට්‍රම්ප් පෙන්වා දෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය ද ප්‍රතිචාර පළකළා. ඇමරිකාව ලෝකයේ එකමුතුභාවය පිළිබඳ දැක්ම බිඳ දමන බවයි ඔවුන් චෝදනා කරන්නේ.
Post a Comment