මහා පරිමාණ ජල සම්පාදන ව්‍යාපෘති දෙකක වැඩ ආරම්භ කර ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප‍්‍රකාශ කළා.
කළුතර, මතුගම ජලසම්පාදන යෝජනා ක‍්‍රමය මඟින් පවුල් ලක්ෂ එක හමාරකට සෙත සැලසෙනවා. කළු ගඟින් ලබාගන්නා ජලය කළුවාමෝදර කේන්ද්‍ර කරගත් ජල සම්පාදන යෝජනා ක‍්‍රමය යටතේ ජනතාවට බෙදා හැරීමයි මෙහි සැලසුමවී තිබෙන්නේ. පානිය ජලයට කරදිය මිශ‍්‍රවීමේ ගැටළුවකට කළුතර දිස්ත‍්‍රික්කයේ ජනතාව මුහුණු දෙනවා. ඊට කඩිනම් විසදුමක් මෙම ව්‍යාපෘතිය මඟින් හිමිවන බවයි ජල සම්පාදන මණ්ඩලයේ සභාපති කේ ඒ අන්සාර් මහතා ප‍්‍රකාශ කළේ. ව්‍යාපෘතිය 2020 වනවිට අවසන් කිරිමට නියමිත අතර ඒ සඳහා වැයකරන මුදල රුපියල් බිලියන 13ක්.
මේ අතර පොළොන්නරුව තඹාල ජල සම්පාදන යෝජනා ක‍්‍රමයේ වැඩකටයුතු අද ආරම්භ කෙරෙනවා. ආසියානු සංවර්ධන බැංකුවයි ප‍්‍රතිපාදන සපයන්නේ. ප‍්‍රථම අදියර වෙනුවෙන් කිලෝ මීටර් 75ක ජල නල එළීම අද සිදුවනවා. ලබන වසර තුළ ව්‍යාපෘතිය අවසන් කිරිමටයි නියමිතව ඇත්තේ. ඉන් පවුල් දහසකට සෙත සැලසෙන බවයි සභාපති කේ ඒ අන්සාර් මහතා පවසන්නේ. වැයකරන මුදල රුපියල් මිලියන 420ක්.
Post a Comment