Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කළුතර නල ජලයට ලුණු මිශ‍්‍රවීමේ ගැටළුව අදින් අවසන්  

Add comments

කළුතර ලුණු වතුරට විසදුම් ලබාදෙන අළුත්ගම, මතුගම, අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය අද ජනතා අයිතියට පත්කරන බව ජල සම්පාදන අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.

පානීය ජලයට ලවණ මිශ‍්‍රවීම කළුතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයක ජනතාව වියළි කාලවලදී මුහුණදෙන ප‍්‍රධාන ගැටළුවක්. ඒ අනූව කළුතර, බේරුවල, දොඩංගොඩ, මතුගම, අගලවත්ත සහ මදුරාවල යන ප‍්‍රදේශවල පන් ලකෂ් හැත්තෑ තුන් දහසකට වැඩි පිරිසකට ව්‍යාපෘතියෙන් ප‍්‍රතිලාභ හිමිවනවා. වසර ගණනාවකින් පානීය ජල පහසුකම් නොලැබුණු ජනතාවට ද ඉන් සෙත සැලසෙන බවයි අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

ධාරිතාව දිනකට ඝණ මීටර් දහතුන් දහස් පන්සියයක් වන නව ජල පිරිපහදුවක් කෙත්හේන පවිත‍්‍රාගාරයට සම්බන්ධව ඉදිකර තිබෙනවා. දැනට පවතින ජල පිරිපහදුව දිනකට ඝණ මීටර් දාහතර හතර දහසක් පිරිපහදු කළ හැකි වන පරිදි නවීකරණය ද මෙම ව්‍යාපෘතියට ඇතුළත්. සමස්ථ ව්‍යාපෘතිය 2020 වසර වන විට නිම කිරිමටයි සැලසුම් කර ඇත්තේ. රුපියල් මිලියන තිස් දෙදහස් දෙසිය හැත්තෑ අටක් ඒ වෙනුවෙන් වැයකරන බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG