ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කටාර් රාජ්යට ගංවතුරෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
ගංවතුරෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ දෝහා නගරයටයි. මිලිමිටර් 61 ක පමණ වර්ෂාපතනයක් දෝහා නගරයට ඇද හැලි තිබෙනවා. එක් දිනක් ඇතුලත මෙවැනි හදිසි වර්ෂාපතනයක් වාර්තාවීම හේතුවෙන් නගර වැසියන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. වාර්ෂිකව දෝහා නගරයට ඇද හැලෙන වර්ෂාපතනය මිලිමිටර් 77 ක් පමණක් බවයි එරට කාලගුණ අංශ සදහන් කරන්නේ. නිවාස , කඩසාප්පු හා ගොඩනැගිලි රැසක් ගංවතුරට හසුව තිබෙනවා. ගුවන් ගමන් රැසක්ම ප්රමාද කිරිමටයි කටයුතු කර ඇත්තේ.
Post a Comment