Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරේ ඉඩම් නිදහස් කිරීමට මැදිහත්වන ලෙස ජනපතිගෙන් එම ආණ්ඩුකාරවරුන්ට උපදෙස්  

Add comments

උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් එහි මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කිරීමේ වැඩපිළිවෙළ මෙම දෙසැම්බර් 31 වන දාට පෙර අවසන් කිරීමට මැදිහත්වී කටයුතු කරන්නැයි ජනාධිපතිතුමා එම පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ 2018 වර්ෂයේ පළාත් සභාවල කාර්ය භාරය සහ ප්‍රගතිය පිළිබඳ අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

සියලූ ම පළාත් ආණ්ඩුකාරවරු, පළාත් ප්‍රධාන අමාත්‍යවරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.පළාත් සභාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය, පුරප්පාඩු පිරවීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට බදුන් විය.

ජනාධිපතිතුමා මෙහිදී පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ට උපදෙස් දුන්නේ ග්‍රාමීය ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා තම පූර්ණ දායකත්වය ලබා දෙන ලෙසයි.

දිළිදුකම පිටුදැකීම උදෙසා ක්‍රියාත්මක ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන ග්‍රාමශක්ති ජාතික වැඩසටහනේ අරමුණු නිසි ලෙස ඉටු කර ගැනීම සඳහා සියලූදෙනා කැපවී කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය මෙන්ම වතුකරයේ ජනතාවගේ ගැටලූ පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. එම ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරමින් පළමු වතාවට ඔවුන්ට ස්ථීර ඉඩම් ඔප්පු ලබාදීමටත්, නිවාස ඉදිකරදීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂම කිරීමටත් ජනාධිපතිතුමා සිදු කරන මැදිහත්වීම පිළිබඳ මෙහිදී වතු ජනතාව වෙනුවෙන් අමාත්‍ය පී. දිගම්බරම් මහතා ජනාධිපතිතුමා වෙත සිය විශේෂ ස්තූතිය පිරිනැමීය.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG