සියඹලාණ්ඩුව පොලිසිය විසින් ඊයේ (21) දින T56 උණ්ඩ සහ 9mm වර්ගයේ උණ්ඩ සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා රදවාගෙන ප්රශ්න කිරීමට පොලිසියට අද(22) සියඹලාණ්ඩුව මහේස්ත්රාත් අධිකරණය විසින් අවසර ලබා දී තිබෙනවා .
මෙම සැකකරුවන් ඊයේ (21) දින සියඹලාණ්ඩුව හැඩඔය ආසන්නයේ දී පොලිස් අත්අඩංගුවට පත් වූ අතර එම කණ්ඩායමේ ලද්දු රෝෂාන් නැමති පාතාල සාමජිකයාද වන බව පොලිසිය තහවුරු කලා.
සැකකරුවන් හෙට(23) දින දක්වා රදවා තබාගෙන ප්රශ්න කිරීමට සියඹලාණ්ඩුව ප්රධාන මහේස්ත්රාත් නිලන්ත විමලරත්න මහතා අද(22) පස්වරුවේ නියෝග කලේය.
Post a Comment