වතු කම්කරු වැටුප වැඩිකිරිමට මැදිහත් වන බව කම්කරු හා වෘත්තීය සමිති සබදතා අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා ප්‍රකාශ කළා. සාමුහික ගිවිසුමට අනුව වැටුප් වැඩිකිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන් හා කම්කරුවන් සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා. ඉන් විසදුමක් නොලැබුණුහොත් කඩිනමින් තීරණයක් ගන්නා බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
වතු කම්කරුවන්ට දැනට ලබාදෙන දෛනික වැටුප වන රුපියල් 530 , 600දක්වා වැඩිකර සියලුම දීමනා සමග 940 ක් දක්වා ඉහල නැංවීමට වතු හාම්පුතුන් යෝජනා කරතිබුණා. එභෙත් එය ප්‍රතික්ෂේප කරමින් දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකරන ලෙසයි වතු ඒකාබද්ධ වෘත්තීය සමිති පෙන්වා දී තිබෙන්නේ.
Post a Comment