නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවුණා. කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරුන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
ඉන්දීය ආධාර මත යාපනයේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිය ගැන ද අවධානය යොමුවුණා. කලාපයේ ආරක්ෂක හා ත්‍රස්තවාදය පිලිබද ගැටලු මෙන්ම, දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම සම්බන්යෙන් අග්‍රාමාත්‍යවරුන් අදහස් හුවමාරු කරගෙන තිබෙනවාෙ
නිල සංචාරය නිමකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවෙන් පිටත්වීමට නියමිත බවයි එහි සිටින අප නියෝජිත මධුෂංක මහමිතව සදහන් කළේ. අග්‍රාමාත්‍යවරයා ඉන්දීය ජාතික කොංග්‍රසයේ සාමාජිකයන් සමග ද ඊයේ විශේෂ සාකච්ඡාවකට එක්වුණා.
Post a Comment