
මෙවර මහ කන්නයේ දී අක්කර දහසයදහසක උඳු වගාවක් ආරම්භ කිරීමට සහ අක්කර 550 ක පාරම්පරික වී වගා කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.
වව්නියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික් කේන්ද්‍රකර ගනිමින් උඳු වගා කිරීම සඳහා අක්කර දහසයදහසක භූමි ප්‍රමාණයක් වෙන්කර තිබෙනවා. මේ අතර වව්නියාව දිස්ත්‍රික්කයේ පුරණ් කුඹුරු 550 ක පාරම්පරික වී වගා කිරීමට පියවර ගෙන තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි ඊට දායකත්වය ලබාදෙන්නේ. මේ අතර යාපනය ප්‍රදේශයේ රටකජු, මිරිස් හා අඹ වගාකිරීමේ කලාප ස්ථාපනය කිරීමට ද තීරණය කර තිබෙනවා. එම කටයුතු ගනේෂපුරම් ප්‍රදේශයෙන් ලබන හයවනදා ආරම්භ කෙරෙනවා.
Post a Comment