Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ක්ලීන් ඇන්ඩ් ග්‍රීන් සිටි ව්‍යාපෘතියේ ඇරඹුම හෙට  

Add comments

සියලු දෙනාට පිරිසිදු රටක ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමේ අරමුණෙන් ක්ලීන් ඇන්ඩ් ග්‍රීන් සිටි ව්‍යාපෘතිය කටුනායක ඇවරියවත්ත ප්‍රදේශයෙන් හෙට ආරම්භ කෙරෙනවා. නගරයේ ගොඩගැසී ඇති කැලිකසල ඉවත් කරමින් පිරිසිදු පරිසරයක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. එමෙන්ම කැලිකසල බැහැර කිරීම පිළිබද ජාතියට හුරුවක් ඇති කිරීම ද තවත් ඉලක්කයක් වනවා.

ITN මාධ්‍ය ජාලය සමගින් පහන් වැට ජාතික ව්‍යාපාරය හා පොලිස් පරිසර ඒකකය එක්වයි මෙය ක්‍රියාත්මක කරන්නේ. එමෙන්ම තවත් සංවිධාන හා ආයතන කිහිපයක්ම ව්‍යාපෘතියට දායකත්වය ලබා දෙනවා. ඇවරියවත්ත ප්‍රදේශයේ හෙට පෙරවරුවේ ආරම්භ කෙරෙන ව්‍යාපෘතිය පිළිබද විශේෂ සාකච්ඡාවක් කටුනායක පොලිස් ස්ථානයේ දී පැවැත්වුණා. පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව විජේසේන, ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රසික ලියනගේ යන මහත්වරුන් ඇතුළු මෙම ව්‍යාපෘතියට සම්බන්ධවන සංවිධාන හා ආයතනවල නියෝජිතයන් සාකච්ඡාවට එක්වුණා.

කටුනායක සීදූව නගරසභාව, කටාන ප්‍රාදේශීය සභාව හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් නගරය පිරිසිදු කිරීම සිදුකෙරෙනවා.  කටුනායක ඇවරියවත්ත වෙළෙද සංගමය, ත්‍රී රෝද රථ සංගමය, පෞද්ගලික බස් රථ සංගමය, සුඛෝපභෝගී බස් රථ සංගමය ද ව්‍යාපෘතියට සහාය දක්වනවා. තවත් ආයතන හා සංවිධාන කිහිපයක් මෙන්ම ප්‍රදේශවාසීන් ද ඊට එක්ව සිටිනවා. පිරිසිදු පරිසරයක ජීවත්වීමට කැමැත්තක් දක්වන ප්‍රදේශයේ සියලු දෙනාට හෙට පෙරවරු නවයට ඇවරියවත්ත බස් නැවතුම්පලට පැමිණ ව්‍යාපෘතිය සමග එක්වන ලෙසයි සංවිධායකයන් ඉල්ලා සිටින්නේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG