Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුරුංගා කොළ තම්බා කන්න තරම් දිළිදුකමක් නෑ; පරීක්ෂණයෙන් හෙළි වෙයි  

Add comments

ආහාර නොමැතිව මුරුංගා කොළ පමණක් ආහාරයට ගන්නා පවුලක් පිළිබද පුවත අසත්‍ය එකක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. රජය අපහසුතාවට පත් කරන එවැනි අසත්‍ය පුවත් වාර්තා නොකරන ලෙසට අදාළ මාධ්‍ය ආයතන වෙත අවධාරණය කරන බවද එම නිවේදනයේ සදහන්.

අනුරාධපුර ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේ අඹුසැමි යුවළක් වේල් ගණනක් ආහාරයක් නොමැතිව මුරුංගා කොළ තම්බා ආහාරයට ගන්නා බවට වූ පුවතක් පසුගිය දිනවල මාධ්‍යවල පළ වුණා. ඒ පිළිබදව විශේෂ අවධානය යොමු කළ ජනාධිපතිතුමා සිද්ධිය පිළිබද විමර්ශන සිදු කරන ලෙස ඒ සදහා පත් කළ කමිටුවකටද උපදෙස් ලබා දුන්නා. එම කමිටුව සිදුකළ විමර්ශනයේදී හෙළිව ඇත්තේ තොරතුරුවල සත්‍යතාව තහවුරු කරනොගෙන මෙම මාධ්‍ය වාර්තා පළ කර ඇති බවයි.

වසර 3 ක පමණ කාලයක සිට මෙම ප්‍රදේශයට දැඩි නියගයක් බලපෑවා. ඒ හේතුවෙන් සියලුම ප්‍රදේශවාසීන් පීඩාවට පත්ව ඇතත් මුරුංගා කොළ තම්බා ආහාරයට ගැනීමට තරම් එම පවුල දිළිදු නොවන බව අදාළ පරීක්ෂණයේදී හෙළිව තිබෙනවා. ඒ එම පවුලේ සාමාජිකයන්ගෙන් සහ අසල්වාසීන්ගෙන්ද කළ විමසීමේදීයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යන ආයතනවලින්ද මේ පිළිබද විමසා තිබෙනවා. කෘෂි රක්ෂණ මණ්ඩලය, ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාරවරුන් ප්‍රමුඛ රජයේ නිලධාරීන්ගේ ප්‍රකාශවලින්ද තහවුරු වී ඇත්තේ අදාළ මාධ්‍ය වාර්තා මගින් සත්‍ය විකෘති කර ඇති බව යැයි ද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරනවා.

නිවැරදි තොරතුරු වලින් තොරව මෙම පුවත වාර්තාවීම තුළින් රට තුළ ඇති වූ ගැටලුකාරී තත්ත්වය පිළිබදව කණගාටුව පළ කරන බව ද එම නිවේදනයේ සදහන්.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG