Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර 7කදී selfie මරණ 259ක්  

Add comments

සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී සිදු වූ අනතුරුවලින් වසර හතක් තුළ ලොව පුරා පුද්ගලයින් 259 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දියාවේ වෛද්‍ය විශ්වවිද්‍යාල කිහිපයක් එක්ව සිදුකළ සමීක්ෂණයකින් මේ බව හෙළිව තිබෙනවා. 2011 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිට 2017 නොවැම්බර් දක්වා මෙලෙස ලෝකය පුරා පුද්ගලයින් 259 දෙනෙකු සෙල්ෆි ඡායාරූප ගැනීමේදී මියගොස් තිබෙනවා. ඉන් වැඩිම සංඛ්‍යාවක් ඉන්දියානුවන් බවයි වාර්තා වන්නේ. 2011 වසරේ සිට ඉන්දියාවේ පුද්ගලයින් 159 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ සමීක්ෂණ වාර්තාවේ සදහන් වන්නේ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් දියේ ගිලීම්, ඇද වැටීම් සහ දුම්රියේ ගැටීම් හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇති බවයි. සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී මියගිය හැත්තෑ දෙකකගේම වයස අවුරුදු 30 ට අඩු බව ද සදහන්.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG