රටේ උන්නතිය වෙනුවෙන් නව පියවර රැසක් ගෙන ඇති මෙම අවස්ථාවේ සියලුම රාජ්‍ය ආයතනයන්හි කාර්ය මණ්ඩලය සාමකාමීව හා සුහදශීලිව තම රාජකාරිය ඉටු කරන ලෙස රජය ඉල්ලා සිටිනවා.
ඒ තුළින් රාජ්‍ය සේවකයන් ලෙස රටේ සංවර්ධනය වෙනුවෙන් සිය වගකීම ඉටු කරන ලෙසයි රජය සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා සංස්ථා ඇතුළු කාර්ය මණ්ඩලවලින් තවදුරටත් ඉල්ලා සිටින්නේ. යම් ආකාරයක විනය විරෝධී හැසිරීමක හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක නිරතවන ඕනෑම කෙනෙකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය තරයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද රජය අවධාරණය කර සිටිනවා.
Post a Comment