
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගියබව කියන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ නිල රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ ඉන්දියාවේ සෝනි රූපවාහිනී ආයතනයටයි. ඔවුන් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මූලික මුදල වූයේ රුපියල් කෝටි 89 ක්. එම මුදල පෞද්ගලික ගිණුමකට යොමු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු සෝනි ආයතනයට ලිඛිතව දැනුම් දී තිබුණා. ඒ පිළිබඳ වාර්තා වීමත් සමඟ අදාළ ගණුදෙනුව අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රදාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා මහතා පියවර ගත්තා. ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබද පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා. පැමිණිල්ල ඉදිරිපත්කර මේ වනවිට සති දෙකක කාලයක් ගතවී තිබෙනවා. ඊට අදාළ පර්යේෂණ කඩිනම් කරන ලෙසයි ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලිඛිතව දැනුම් දී ඇත්තේ.
Post a Comment