Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ට්‍රම්ප්ට එරෙහිව පරීක්ෂණයක්  

Add comments

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති බදු ගෙවීම් පැහැර හැරීමේ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹන බවට නිව්යෝර්ක් ප්‍රාන්ත ආදායම් බදු දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙනවා. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අනාවරණය කර තිබු පුවතකට අනුවයි මෙලෙස පරීක්ෂණයක් අරඹා ඇත්තේ.

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ දෙමව්පියන්ට ඩොලර් මිලියන ගණනක බදු ගෙවීම පැහැර හැරීම සඳහා ට්‍රම්ප් ජනාධිපතිවරයා සහාය ලබා දී ඇති බවයි එම පුවත්පත හෙළි කර තිබුණේ. 90 දශකයේ පැවැති බදු පටිපාටිය ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙලෙස උල්ලංඝණය කර ඇති බවයි ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.  කෙසේ වෙතත් මෙයට පිලිතුරු ලෙස ධවල මන්දිරය ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් පැවසුවේ මෙය හුදෙක් ජනතාව නොමඟ යැවීමට කරන ලද්දක් බවයි.

දශකයකට පෙර බදු නිලධාරීන් මෙම ගණුදෙනුවලට අදාළ ලිපිවලට  අත්සන් තබා ඇති බවද  ඇය පවසනවා. එමෙනේම මෙම බදු ගෙවීම නීත්‍යානුකූල ලෙස සිදු කර ඇති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.  මේ සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිසිඳු ප්‍රකාශයක් කර නැති බවද සඳහන්. ඩොනල්ඩ් ට්‍රම්ගේ නීතීඥයා ප්‍රකාශ කළේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත බොරු චෝදනා පදනම් කරගනිමින් පුවත් මවන බවයි.   ට්‍රම්ප් කිසිදු වංචාවක් හෝ බදු පැහැරහැරීමක් සිදු කළ නැති බවයි  ඔහු පවසන්නේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG