රජයේ මාධ්‍ය ආයතන සදහා තාවකාලිකව ප්‍රධානීන් පත්කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි මෙම පත්කිරීම් සිදුකර තිබෙන්නේ.
මේ අනුව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කර සිටින්නේ සම්මානලාභී ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය සෝමරත්න දිසානායක මහතායි. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වැඩබලන නව සභාපතිවරයා ලෙස නීතීඥ සරත් කෝන්ගහගේ මහතා පත්කර සිටිනවා. සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ වැඩබලන නව සභාපතිවරයා ලෙස පත්කර සිටින්නේ වසන්තප්රිය රාමනායක මහතායි.
Post a Comment