Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පිලිපීන අධිකරණයකින් පොලිස් නිලධාරින් තුන් දෙනෙකුට සිර දඩුවම්  

Add comments

පිලිපීන අධිකරණය පොලිස් නිලධාරින් තුන් දෙනෙකුට වසර 40 බැගින් සිර දඩුවම් නියම කළා. ඒ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් පැවති නඩු විභාගයේදී.

මත්ද්‍රව්‍ය විරෝධී විශේෂ වැඩපිළිවෙළක් 2016 වසරේ සිට රටතුළ ක‍්‍රියාත්මක වුණා. එහිදී මෙම තරුණයා ඝාතනයට ලක්ව තිබෙනවා. මානව හිමිකම් චෝදනා යටතේ ඒ සම්බන්ධයෙන් විශේෂ නඩු විභාගයක් පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 2016 සිට මේ දක්වා මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් සහ භාවිත කරන්නන් පන්දහසකට වැඩි ගණනක් මේවන විට ඝාතනයට ලක්ව ඇති බවයි පිලිපීන පොලිස් වාර්තා සදහන් කරන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG