Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බස් ගාස්තු අඩු කිරිමේ සාකච්ඡා  

Add comments

බස් ගාස්තු අඩු කිරිම සඳහා හැකි සෑම පියවරක්ම ගන්නා බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප‍්‍රකාශ කළා. ඉන්ධන මිළ පහළ යාමට සාපේක්ෂව ගාස්තු අඩු කිරිමයි අපේක්ෂාවවී තිබෙන්නේ.ඉදිරි දින කිහිපය තුළ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවත් වේයන්ගොඩ ප‍්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මුදල් හා ජන මාධ්‍ය අමාත්‍යංශය ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළා. රජය මඟින් හදුන්වා දුන් මිළ සූත‍්‍රය හේතුවෙන් ඔක්තොම්බර් මස දහ වනදා සිට මේ වනවිට පෙට්‍රල් ලීටරයක් රුපියල් 30කින් අඩු වී තිබෙනවා. ඩීසල් ලීටරයක මිළ රුපියල් 22කින් අඩු වුණා. ඒ අනූව එහි වාසිය ජනතාවට ලබාදීම සඳහා ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලු නියාමන ආයතන අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගතයුතු බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG