
පැසිපික් කළාපයේ කොටස් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ දකුණුදිග පිලිපීනයේ මින්දනාවෝ ආශි‍්‍රතව සිදුවූ භු කම්පනය හේතුවෙන්.
එහි විශාලත්වය රිච්ටර් පරිමාණ ඒකක හතක් බවයි ඇමරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කළේ.
පසුකම්පන පිළිබදව අවධානයෙන් පසුවන බවද ඔවුන් ප‍්‍රකාශ කළා.
ඉන්දුනිසියා වෙරළ කළාපය , පිලිපිනය සහ පලව් ආශි‍්‍රතව සුනාමි රළ හටගත හැකි බවයි පැසිපික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.
එම ප‍්‍රදේශ ආශි‍්‍රත ජනතාවට හැකි ඉක්මනින් එම ස්ථාන වලින් ඉවත් වන ලෙසට දැනුම්දි තිබෙනවා.
Post a Comment