Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෝඨාභය ඇතුළු 07 දෙනෙකුට එරෙහි නඩුව 11 වනදා කැදවීමට නියෝග  

Add comments

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහි නඩුවක් ලබන 11 වනදා කැදවීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළා.

ඩි.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළ බවට ඔවුන්ට චෝදනා එල්ල කර තිබෙනවා. අධි චෝදනාවලට අදාළ ඒ කාණ්ඩයට අයත් සියලු ලේඛණ විත්ති පාර්ශ්වයට භාර දී   ඇති බව නීතිපතිවරයා දැනුම් දුන්නා. විත්තිය විශේෂිතව ඉල්ලා ඇති ලේඛණ ද ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බව නීතිපතිවරයා කියා  සිටියා. එම ලේඛණ විත්ති පාර්ශ්වයට ලැබී ඇත්දැයි සොයා බැලීමට නඩුව ලබන 11 වනදා කැදවීමට නියමිතයි. එසේම මෙම නඩුව  ජනවාරි 22 වනදා සිට දිනපතා විභාගයට ගැනීම ස්ථිර ත්‍රිපුද්ගලය මහාධිකරණය මීට පෙර නියෝග කළා. මේ අතර ගෝඨාභ රාජපක්ෂ මහතා අධිකරණයේ අවසරය මත විදේශ ගත වී ඇති බව විත්ති පාර්ශ්වය අධිකරණයට දැනුම් දුන්නා. සෙසු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG