Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වාහන කොල්ලකන කල්ලියක් අවි ආයුධ සමග අත්අඩංගුවට  

Add comments

කුළී පදනම මත වාහන ලබාගනිමින් එම වාහන කොල්ලකන කල්ලියක් අවි ආයුධ සමග රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා.

ජා ඇල ප්‍රදේශයෙන් කුළී පදනම මත ලබා ගත් මෝටර් රථයක් රාගම ප්‍රදේශයේදී එහි රියදුරු බිය ගන්වා කොල්ලකා තිබෙනවා. එම රියදුරාගේ දෑත් ගැට ගසා ජා ඇල මාකේවිට ප්‍රදේශයේ දමා ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. එම රියදුරු ජා ඇල පොලීසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව පරීක්ෂණ සිදු කළා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා අවුරුදු 35 ත් 38 ත් අතර වයස්වන පසුවන්නන්. ඔවුන් ළග තිබී ගිනි අවියක්, රිවෝල්වරයක් සහ තියුණු ආයුධ කිහිපයක් සොයාගෙන තිබෙනවා. කොල්ල කෑ මෝටර් රථය ජා ඇල කොටුගොඩ ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී සොයා ගැනුණා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG