
චීනය අභ්‍යවකාශ ගවේශනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළා. ඒ චන්ද්‍රයාගේ නිරන්තරයෙන් ගවේශනයට ලක් නොවන ප්‍රදේශයක් වෙත චීනය අභ්‍යවකාශ යානයක් යැවීමයි.
එම යානය චීනයේ ෂී චෑන්ග් අභ්‍යකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත කෙරුණා. මෙය චැන්ග් ඊ 4 ලෙසයි නම් කර තිබෙන්නේ. චන්ද්‍රයාගේ මෙම නොපෙනෙන ප්‍රදේශය අදුරු ප්‍රදේශය ලෙසද හැදින්වෙනවා. චැන්ග් ඊ 4 අභ්‍යවකාශ යානය චන්ද්‍රයාගේ අදුරු කොටසෙහි භූ විෂ්ලේශණයට සහ විද්‍යාත්මක පරික්ෂණ සදහා අවශ්‍ය උපකරණද රැගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. යානය සාර්ථක ලෙස ඊයේ ගොඩ බැස්වූ බවයි එම මධ්‍යස්ථානය සදහන් කළේ. මෙම ගවේශන යානය මගින් මෙතෙක් ගවේශනයට ලක් නොවූ චන්ද්‍රයාගේ නොපෙනන කොටසේ සාම්පල රැගෙන ඒමට නියමිත බව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය සදහන් කරනවා. මෙම මෙහෙයුම් සාර්ථකව අවසන් වුවහොත් එය චීනය සිදු කළ සාර්ථකම අභ්‍යාවකාශ ගවේෂණයයි.
Post a Comment