Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 23 වන නාවික හමුදාධිපති ධූරයට   

Add comments

‍මෙරට 23 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා රාජකාරි ආරම්භ කළා.

රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා වයිස් අද්මිරාල් ධුරයට උසස් කිරීමෙන් අනතුරුවයි නාවික හමුදාපතිවරයා ලෙස පත් කෙරුණේ. ඊට පෙර ඔහු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළා. හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා නව නාවික හමුදාපතිවරයා වෙත සම්ප්‍රදායානුකූලව නාවික හමුදාපතිවරයාගේ අසිපත පිරිනැමීම හා රාජකාරි භාර දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදුවුණා. නව නාවික හමුදාපතිවරයා වෙනුවෙන් නාවික හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් ද මෙහිදී පිරිනැමුණා. ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා රාජකාරි ආරම්භ කළ අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් රැසක් එක්ව සිටියා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG