
නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීම සදහා ඉදිරි මාස තුනක කාලය තුළ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා. කොළඹ පොලිස් මූලස්ථානයේ පැවති උත්සවයකදී ඒ මහතා මේ බව කියා සිටියා.
පොලිස්පති පූජිත් ජයසුන්දර,
පොලීසිය නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේ උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ප්‍රතිඥාව කියවීම හා ආගමික වතාවත් ද සිදු කෙරුණා. කොළඹ අපරාධ කොට්ඨාසය සදහා නිල රථ 02 ක් පවරාදීමට ද පොලිස්පතිවරයා කටයුතු කළා.
Post a Comment