Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායකයාට මැතිවරණයෙන් විශිෂ්ට ජයක්  

Add comments

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් නායක මෂ්රෆී මොටාසා වාර්තා ගත ජයග්‍රහණයක් සමගින් එරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී  එරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද මොටාසා ඉතිහාසයට එක්ව තිබෙනවා.  ඔහු තරග කළ මැතිවරණ කොට්ඨාසයේ සියයට 96 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට හැකි වුණා.  මොටාසා පසුගිය නොවැම්බර් මාසයේදී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි අතර ඉතා කෙටි කාලයක් තුළ මෙම ජයග්‍රහණය කිරීමද විශේෂත්වයක්.  බංග්ලාදේශ පළමු ටෙස්ට්  ක්‍රිකට් නායක නයිමූර් රහමාන් හා බංග්ලාදේශ ක්‍රිකට් සභාපති නස්මුල් හසන්  ද මෙවර මහමැතිවරණය ජයගනිමින් පාර්ලිමේන්තුවට පිවිස තිබෙනවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG