Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දින 24 ක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 2500 ක් අත්අඩංගුවට  

Add comments

මේ වසරේ ගතවූ දින 24 තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 2500 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් කිලෝග‍්‍රෑම් 107 කට වැඩි ප‍්‍රමාණයක් සොයාගෙන ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසන්නේ.

හෙරොයින් විශාල වශයෙන් මෙරටට ගෙන්වන සැපයුම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා. ඒ හේතුවෙන් හෙරොයින් සැපයුම අඩාලවී තිබෙනවා.

ඉදිරියේදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ද කි‍්‍රයාත්මක කරන බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකය පවසන්නේ.

පාසල් ළමුන් සහ තරුණ ප‍්‍රජාව දැනුවත් කිරීමයි ප‍්‍රධාන අරමුණයි.

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුථාපනය කිරීමේ වැඩපිළිවෙල ද පුළුල් කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකය සඳහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG