Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

‘ශිල්ප සුරක්ෂා’ නමින් විශ්‍රාම වැටුප් ක්‍රමයක්  

Add comments

හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින් කර්මාන්ත , වානිජ ,දිගුකාලීන අවතැන් පුද්ගලයින් නැවත පදිංචි කිරීම හා සමුපකාර සංවර්ධන අමාත්‍යංශය හා ජාතික ශිල්ප සභාව එක්ව ‘ශිල්ප සුරක්ෂා’ නමින් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කරයි.

ඒ අනුව “ශිල්ප අභිමානී” හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයට හා තරඟයට සහභාගි වු ශිල්පීන් අතුරින් 5000 කට මෙම වසරේදී පළමු අදියර යටතේ මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක කර ගැනීමට කටයුතු යොදා ඇත.

එමෙන්ම ඩිජිටල් තාක්ෂණය අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය සදහා හදුන්වා දී ජාතික මට්ටමින් හා පළාත් මට්ටමින් අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදකයන් පුහුණු කිරීමටත් ඒ මගින් අත් යන්ත්‍ර පේෂ කර්මාන්තය වැඩි දියුණු කිරීමට කටයුතු කරන බවත් කර්මාන්ත , වානිජ ,දිගුකාලීන අවතැන් පුද්ගලයින් නැවත පදිංචි කිරීම හා සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

පසුගියදා අපේ ගම පරිශ්‍රයේ පැවති ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල “ශිල්ප අභිමානී “- 2018 උළෙලේදී අදහස් දැක්වූ අමාත්‍යයරයා ප්‍රකාශ කළේ ලක්සල ආයතනය විසින් හස්ත කර්මාන්ත ශිල්පීන් වෙනුවෙන් ගෙවිය යුතු මුදල් නියමිත වේලාවට ගෙවීමට අවශ්‍ය කටයුතු කරන බවයි. ලක්සල ආයතන විසින් ගෙවිය යුතුව තිබෙන ණය මුදලින් රුපියල් මිලියන 600 ක් ගෙවා අවසන් කර ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG