Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්ද්‍රව්‍ය නිවරණය පිළිබඳ මාධ්‍ය සම්මන්ත්‍රණය රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුවේ දී  

Add comments

මත්ද්‍රව්‍ය නිවරණය පිළිබඳ මාධ්‍ය සම්මන්ත්‍රණය අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුවේ දී ආරම්භ විය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතාගේ මඟපෙන්වීම මත පාසල් මාධ්‍ය සම්මන්ත්‍රණය සංවිධානය කෙරිණි.මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතා එක්විය.

මේ අවස්ථාවට කොළඔ අවට පාසල් සිසුන් සහභාගි වු අතර  වැඩමුළුව අමතමින් ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතා පැවසුවේ, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ පාසල් ළමුන් මෙම උවදුරරෙන් ආරක්ෂා කර ගැනිමසදහා බවය. මේ රටේ සියලු ම පාසල් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර මේ වන විට පාසල් දරුවන් මේ සඳහා වැඩිහිටියන් විසින් ගොදුරු කර ගැනිම සදහා උත්සහා දරමින් සිටිව බවත් මේ සම්බන්ධයෙන් පාසල් දරුවන් ලෙස  දැනුම්වත් විමෙන් මෙයට ගොදුරු විම වළක්වා ගැනිමට හැකි බවත් පැවසිය.

මේවන විට මෙම මත් උවදුර රටේ සැම ප්‍රදේශයකට ම ව්‍යාප්ත විම හේතුවෙන් මෙය වළක්වා ගැනිම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් අවශ්‍ය වන බවත් එය මෙම වැඩසටහන් තුළින් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බවත් උදය ආර්.සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට සහභාගි වු සෞඛ්‍ය වෛද්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ වි‍ශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය අදහස් දක්වමින් පැවසුවේ,යම්කිසි ගැටලුවක්,පෙළඔවිමක් හා මේ සම්බන්ධයෙන් කුමන හෝ ආකාරයෙන් අදහසක් ලබා ගැනිම සඳහා තම ආයතනය පැය 24 පුරාම හා අවුරුද්දේ 365 දවසේම විමසීම් කල හැකි බවයි.ඒ සඳහා 0710107107 යන දුරකතන අංකය භාවිත කරන ලෙස පබා පළිහවඩන මහත්මිය ඉල්ලා සිටියාය.

‘සුරක්ෂිත හෙටක් – මෛත්‍රී පාලනයක් ” තේමාව යටතේ මතින් නිදහස් රටක් උදෙසා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය  නිවාරණ ජාතික වැඩසටහන යටතේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ප්‍රකාශයට පත් කළේ ය.

පෙබරවාරි 21 සිට ලබන 28 වනදා දක්වා පැවැත්වෙන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය යටතේ ක්‍රියාත්මක ප්‍රධාන වැඩසටහන වන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (21) පෙරවරුවේ මුලතිව් මුල්ලියාවෙලෙ විද්‍යානන්දන් මහා විද්‍යාලයේ  පැවැත්විණි.

මෙම ජාතික වැඩසටහන සංකේතවත් කරමින් විද්‍යාල පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීම ද සිදු කෙරිණි.  ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීම සහ උපදෙස් මත මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය  සාධන බළකායේ මෙහෙයවීමෙන් සංවිධානය කරන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ක්‍රියාත්මක කෙරේ

දුම්වැටි, මද්‍යසාර හා අනෙකුත් මත්ද්‍රව්‍යවලට පාසල් සිසුන් පෙලඹීම හා ඒවාට ආකර්ෂණය අවම කිරීමේ  අරමුණින් ඇරඹි මෙම මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ ප‍්‍රධාන කාර්ය වනුයේ ඔවුන්ට ඒවා පිළිබඳ නිවැරදි අවබෝධයක්
ලබාදීමයි. මෙම මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුළ සිදුකෙරන ශිෂ්‍ය කේන්ද්‍රීය වැඩසටහන් සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අමතරව  ගුරුවරුන්, දෙමව්පියන්, ආදි සිසුන් හා පාසල් ප‍්‍රජාව ද සහභාගී කර ගැනේ.

සතියේ පළමු දිනය වූ ඊයේ දින පන්ති කාමරය තුළ සිසු දරුවන්ට මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීම් සිදු  කෙරුණු අතර දෙවන දිනය දී දෙමාපියන් පාසලට කැඳවා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ඔවුන්ට අවබෝධයක්  ලබාදීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කෙරිණි.දරුවන් මත්ද්‍රව්‍යවලට නැඹුරුවීමට දෙමාපියන්ගෙන් ලැබෙන පිටිවහල සහ හේතුසාධක පිළිබඳ මෙහිදී දරුවන්  විසින් ම දෙමාපියන් ඉදිරියේ ඉදිරිපත් කිරීම් සිදු කිරීම විශේෂත්වයකි.

මේ අවස්ථාවට අධ්‍යක්ෂ ජනරාල් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් එස්.අශෝක බණ්ඩාර මහතා,වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා, ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙන් ම පාසල්  නියෝජනය කරමින් සිසු සිසුවියෝ විශාල පිරිසක් එක්ව සිටියහ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG