Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැතිවරණය ජයගත් බංග්ලාදේශ අගමැතිනියට අගමැතිගේ සුබ පැතුම්  

Add comments

බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරමින් නොකඩවා තුන්වන වරටත් ෂෙයික් හසීනා මහත්මිය ලැබූ ජයග්‍රහණයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක් කළා.

බංග්ලාදේශ අගමැතිනිය වෙත පණිවුඩයක් යොමුකරමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කරන්නේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දිගු කලක සිට පැවත එන මිතුදමත් සබැදියාවත් තව තවත් ශක්තිමත්වනු ඇති බවයි. එම සබදතාව චිරහත් කාලයක් පවතින බවට අපේක්ෂා කරන බව ද එම පණිවිඩයේ සදහන්. බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය වශයෙන් ඔබගේ නව ධුර කාලය ආරම්භ කරන මේ අවස්ථාවේ ශ්‍රී ලංකා රජය ප්‍රමඛ සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවත් බංග්ලාදේශ ආණ්ඩුව ප්‍රමුඛ ප්‍රජාවත් අතර ශක්තිමත් සබදතා තහවුරු වන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම පණිවිඩයේ සදහන් කර තිබෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG