
ත‍්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය ලබන 05 වනදා මාතලේ අළුවිහාරයේදී පැවැත්වෙනවා. ඒ පිළිබද විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
තුන්වන ධර්ම සංඝායනාවේදී සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය වශයෙන් සම්පූර්ණ වූ ථේරවාදී ත්‍රිපිටකය මහින්දාගමනයෙන් ශ්‍රී ලංකාවට උරුම වනවා. රාජ්‍ය ගෞරවය ලබමින් මෙම බුද්ධ දේශනාවන් ශතවර්ෂ ගණනාවක් ලංකාවේ ආරක්ෂාකාරීව පැවතුනා. මහ රහතන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විවිධ අභියෝග මැද සුරක්ෂිත කළ ත්‍රිපිටකය ප්‍රථම වරට තල පත් වල ලේඛනාරූඪ කළේ ක්‍රිස්තුපූර්ව පළමුවන සියවසේ වලගම්බා රජු දවසයි. ඒ මාතලේ අළුවිහාරයේදී. ක්‍රිස්තුවර්ෂ 1956 වර්ෂයේ එළඹුනු 2500 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තියේදී ත්‍රිපිටකය සංස්කරණය කර පූර්ණ ග්‍රන්ථාවලියක් ලෙස මුද්‍රණය කෙරුණා. ලොව ඇති ආගමික ග්‍රන්ථ අතර ප්‍රධාන ස්ථානයක් හිමිවන ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත් කිරීම සිදු කෙරෙන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතවයි. මහා සංඝයා වහන්සේ 1500 නමකද ඒ සදහා සහභාගී වීමට නියමිතයි.
Post a Comment